Tuesday, February 17, 2026
Follow Us
සියලුම ඇමැතිවරුන්ට ගෝඨා දින 4ක් කල් දෙයි

සියලුම කැබිනට අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් ලබන සදුදා (17) දිනට ප්‍රථම සිය අමාත්‍යංශවලට ගොස් රාජකාරී බාරගන්නා ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දැනුම් දීමක් කර තිබේ.

මෙම දැනුම් දීමත් සමග ඒ ඒ අමාත්‍යංශ පිහිටි ස්ථාන, ඇමැති කාර්ය මණ්ඩලවලට වෙන්වන පහසුකම් සහ වාහන ඇතුළත් විස්තරයක්ද ජනාධිපති ලේකම් කාර්යාලය විසින් යවා ඇත.

මෙම විස්තරය කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දුන් මහනුවර මගුල් මඩුවේදීම ලබා දී ඇති බවද වාර්තා වේ.

(Lanka Leads)