Monday, September 15, 2025
Follow Us
ජල ගාස්තු වැඩි කිරීමේ කිසිඳු සුදානමක් නෑ

ජල ගාස්තු වැඩි කිරීමට රජයේ කිසිදු සූදානම් නොමැති බව ජලසම්පාදන අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් වාසුදේව නානායක්කාර පවසනවා. ඔහු කියා සිටියේ ජල ගාස්තු වැඩිවන්නේ නම් එය සිදුකළ යුත්තේ ඉහළ ජල පරිභෝජනයක් සහිත ඉහළ ආදායම් ලබන පාර්ශව සදහා පමණක් බවයි.

නිසි අධ්‍යයනයකින් පසු මෙරට සියලූ‍ ජනතාවට පානීය ජල පහසුකම් ලබාදීම සදහා රජය වැඩපිළිවෙලක් සකස් කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.

අමාත්‍ය වාසුදේව නානායක්කාර මෙම අදහස් පළකළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

(Neth)