නව පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් සිය වත්කම් බැරකම් ප්‍රකාශ මෙමස 20 වැනිදාට පෙර ලබා දෙන ලෙස දැනුම් දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
නව පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට ප්‍රථම වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බවට අදාළ දේශපාලන පක්ෂවලට මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම් දී ඇත.
දැනටමත් මන්ත්‍රීවරු කිහිප දෙනකු විසින් වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී ඇතැයි ද පැවැසේ.
(Aruna)