Tuesday, February 17, 2026
Follow Us
මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ඉල්ලයි

නව පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් සිය වත්කම් බැරකම් ප්‍රකාශ මෙමස 20 වැනිදාට පෙර ලබා දෙන ලෙස දැනුම් දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

නව පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට ප්‍රථම වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බවට අදාළ දේශපාලන පක්ෂවලට මැතිවරණ කොමිෂන් සභා​ව විසින් දැනුම් දී ඇත.

දැනටමත් මන්ත්‍රීවරු කිහිප දෙනකු විසින් වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී ඇතැයි ද පැවැසේ.

(Aruna)