Tuesday, February 17, 2026
Follow Us
නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම මහනුවර මගුල් මඩුවේ දී

නව රජයේ අභිනව අමාත්‍ය මණ්ඩලය මහනුවර ඓතිහාසික මගුල් මඩුවේදී දිවුරුම් දීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

මහ මැතිවරණයෙන් පත් වූ නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම අගෝස්තු මස12 දින සිදු වෙයි. අභිමානවත් එහෙත් චාම් අයුරින් මෙම උත්සවය සංවිධාන කිරීමට රජය තීරණය කර තිබේ. දිවුරුම්දීමේ උත්සවය සඳහා මඟුල් මඩුව සූදානම් කරන ආකාරය පිළිබඳව සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල යන මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට ඊයේ ගොස් තිබුණි.

අග්‍රාමාත්‍ය ලේකම්වරයා ඇතුළු කණ්ඩායම මල්වතු මහා විහාරය වෙත පැමිණ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම ස්වාමීන් වහන්සේ ද බැහැදුටුවහ.

(news.lk)