6 ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණිවල සිසුන් සදහාද ටැබ් පරිගණක ලබාදීමේ වැඩපිළිවෙලක් ඉදිරියේදී ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. ඒ අනුව එම ශ්‍රේණිවලට අදාළ ඒ ඒ විෂයන් ඇතුළත් කර එම ඉගැන්වීම් ටැබ් පරිගණක හරහා සිදු කිරීම තුළින් පෙළපොත් මුද්‍රණයද අවශ්‍ය නොවන බවයි අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේ. ගල්ගමුව ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මේ බව කියාසිටියා.
පාසල්වල දත්ත සහ කලාප අධ්‍යාපන කාර්යාලවල සියළු දත්ත පරිගණක ගත කිරීමේ වැඩසටහනක්ද ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කළේ.
(Neth)