Monday, December 23, 2024
Follow Us
ඉන්දියාවෙන් දුම්රිය රියදුරන් ගෙන්වීමට රජයේ අවදානය

දුම්රිය වෘත්තීය සමිති කි‍්‍රයාත්මක කළ පැය 24ක වැඩවර්ජනය ඊයේ (28) මධ්‍යම රාති‍්‍රයෙන් අවසන් වුණා. ඒ අනුව ඊයේ මධ්‍යම රාති‍්‍රයේ සිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු වන බවයි පාලක මැදිරිය පැවසුවේ. ඒ සම්බන්ධයෙන් දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න ද නෙත් නිවුස් වෙත අදහස් පළ කළා.

දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට රජය ඉකුත් දා කටයුතු කළා. කෙසේවෙතත් එය ද නොතකමින් දුම්රිය වෘත්තීය සමිති වැඩවර්ජනය කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් නෙත් නිවුස් ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහගෙන් කරුණු විමසීමක් කළා.

ඉදිරියේදී ඉන්දියාවෙන් හෝ දුම්රිය රියදුරන් ගෙන්වා වැඩවර්ජනවලට මුහුණ දෙන බවයි ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ වැඩිදුරටත් කියා සිටියේ.

(Neth)