Tuesday, July 01, 2025
Follow Us
ජාතික හැදුනුම්පත ගන්න 17දාට පෙර ඉල්ලුම් කරන්න

ජූලි මස 17 වැනි දිනට පෙර ලැබෙන ඉල්ලුම්පත් සදහා හදිසි අවශ්‍යතාවයන් ලෙස සළකා මහ මැතිවරණයට පෙර ජාතික හැදුනුම්පත් නිකුත් කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ ලබන 29 වැනි දක්වා ලැබෙන ඉල්ලුම්පත් වෙනුවට තාවකාලික අනන්‍යතා පත්‍රයක් ලබාදෙන බවයි.

එම අනන්‍යතා පත්‍රය මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි බවත්, ඊට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයාගේ අත්සන ඇතුළත් කර ඇති බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

කෙසේ වෙතත් ලබන 29 වැනි දිනෙන් පසු ලැබෙන ඉල්ලුම්පත් සදහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙතින් තාවකාලික හැදුනුම්පතක් ලබාගත යුතු බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සදහන් කළේය.

(Aruna)