Saturday, February 07, 2026
Follow Us
යහපාලනයෙන් අත්හිටවූ කුඩා බලාගාර 38ක විදුලිය යළි ගන්න අගමැතිගෙන් උපදෙස්

යහපාලන රජය සමයේ ගිවිසුම් අත්හිටවූ කුඩා විදුලි බලාගාර 38ක විදුලිය නැවතත් ලංකා විදුලිබල මණ්ඩලයට ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතාට උපදෙස් දෙයි.

දේශීය ව්‍යාපාරිකයන් හට අයත් වන මෙම කුඩා විදුලි බලාගාර 38න් විදුලිය ලබාගැනීම සම්බන්ධ ගිවිසුම් ලබන සතියේ අත්සන් කිරීමට නියමිතය. මෙම විදුලි බලාගාර මඟින් මෙගාවොට් 75ක් ජාතික විදුලිබල පද්ධතියට එක්කෙරේ.

(Lanka Leads)