Monday, December 23, 2024
Follow Us
වදක තනතුරට දෙදෙනෙක් බදවා ගැනීම ලබන සතියේ

වදක තනතුර සදහා පුද්ගලයන් දෙදෙනෙකු ලබන සතිය තුළ බදවා ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

සම්මුඛ පරීක්‍ෂණවලින් තෝරා ගත් 26 දෙනාගෙන් දෙදෙනෙකු ඒ සඳහා තෝරා ගැනෙනු ඇති. මෙම 26දෙනාට පොලිස් විශේෂ බලකායේ පුහුණුව ලබා දෙන බවට ප‍්‍රකාශ කෙරුණ ද ඔවුන්ට එම පුහුණුව ලබා දී නොමැති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මෙම පිරිස ඉකුත් දින කිහිපයේදි පුුහුණු සැසි සදහා යොමු කළ බවත් එම පුහුණුවීම් අද දිනයෙන් අවසන් බවත් බන්ධනාගාර ආරංචි පැවසුවා. වැලිකඩ එල්ලූම්ගහ පිහිටි ස්ථානයේද ඔවුන්ට පුහුණුවක් ලබාදි ඇති අතර ඔවුන්ගේ මානසිකත්වය ඉහළ මට්ටමක තබා ගැනීම සදහා මනෝවිද්‍යා වෛඳ්‍යවරයෙකුද වැඩමුළු පවත්වා ඇති බවයි වාර්තා වන්නේ. මෙම පුහුණුවීම්වලදී වැඩිම ලකුණු ලබාගන්නා දෙදෙනා බදවා ගැනීමට නියමිතයි.

කෙසේවෙතත් වදක තනතුර සදහා බදවා ගන්නා දෙදෙනා පිළිබද ප‍්‍රසිද්ධ නොකිරීමටයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ.

මේ අතර වැලිකඩ බන්ධනාගාර චැපල් වාට්ටුවේ සී 3 කොටසේ සිරමැදිරි මේ දිනවල අලූත්වැඩියා කටයුතු සිදුකරන බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා. එහි සිරමැදිරි 29 ක් තිබෙන අතර ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මරණ දඩුවම කි‍්‍රයාත්මක කිරීමට අදාළ නියෝගය ලබාදුන් පසු ඊට අදාළ සිරකරුවන් එම සිරමැදිරිවල වෙන වෙනම රදවා තැබෙන බව බන්ධනාගාර උසස් නිලධාරියෙකු නෙත් නිවුස් වෙත කියා සිටියා.

කෙසේවෙතත් මරණ දඩුවම කි‍්‍රයාත්මක කිරීමට අදාළ ජනාධිපතිවරයාගේ නියෝගය මෙතෙක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලැබී නොමැති බවද එම උසස් නිලධාරියා ප‍්‍රකාශ කළා.

(Neth)