එම්.සී.සී. ගිවිසුම පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා පත් කළ ලලිතසිරි ගුණරුවන් කමිටුවේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් සතියක් තුළ සිය අදහස් ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අමාත්‍ය මණ්ඩලයට ඊයේ (1 වැනිදා) දැනුම් දී ඇත.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම ඊයේ (1 වැනිදා) පැවැති අතර එහිදී මෙම දැනුම් දීම සිදුකර තිබේ. සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. මෙහිදී ඇතැම් අමාත්‍යවරුන් අදහස් පළ කර ඇති බවද වාර්තා වෙයි.
මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් ඇතුළු කමිටුවක් විසින් මෙම අවසන් වාර්තාව සකස් කර ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට පිළිගන්වන ලදී.
(Aruna)