Sunday, September 14, 2025
Follow Us
“කොරොනා මඩින හැටි, සෞඛ්‍ය දියුණු කරන හැටි ශ්‍රී ලංකාවෙන් ඉගෙන ගන්න” ජාත්‍යන්තර මාධ්‍යය සහ සමාජ මාධ්‍ය ලෝක නායකයන්ට කියයි

කොරෝනා රෝගය හේතුවෙන් මේවන විට ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව ලක්ෂ පහ ඉක්මවා තිබේ. ලොව පුරා ආසාධිතයන් කෝටිය ඉක්මවා තිබේ. තවමත් ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපය, ඕස්ට්‍රේලියාව ඇතුලු ලොව දියුණු රාජ්‍යයන්ගෙන් දිනපතා කොරෝනා රෝගීන් වාර්තා වෙමින් තිබේ.

එසේ වූවද මේ ව ශ්‍රී ලංකාව කොරෝනා වසංගතය මැඩ පවත්වා සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කරමින් තිබේ.

ශ්‍රී ලංකාව එලෙසට කොරෝනා රෝගය මැඩ පැවැත්වූ ආකාරය ලොව පුරා බොහෝ දෙනෙක් මවිතයට පත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ කොරෝනා මර්ධන වැඩසටහන පිළිබඳව මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍ය ඉහළින් වාර්තා කර තිබෙන අතර සමාජජාලා වල විදේශිකයන් ඒ පිළිබඳව ඉහළින් සාකච්ඡා කරමින් සිටියි.

(Lanka Leads)