Sunday, July 06, 2025
Follow Us
නිල තැපැල් ජන්ද පත්‍රිකා හෙට තැපෑලට

එළඹෙන මහ මැතිවරණයට අදාළ නිල තැපැල් ඡන්ද පති‍්‍රකා හෙට දිනයේදී තැපෑලට යොමුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අදාළ කටයුතු මේවනවිට අවසන් අදියරේ පවතින බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ‍්‍රී රත්නායක නෙත් නිවුස් වෙත සඳහන් කළේ.

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම ජූලි මස 14, 15, 16 හා 17 යන දිනවලදී සිදු කෙරෙනවා. එම දිනවලදී තැපැල් ඡන්ද භාවිත කළ නොහැකි රාජ්‍ය සේවකයින්ට ජුලි මස 20 සහ 21 යන දෙදින තුළදී සිය තැපැල් ඡන්දය භාවිත කළ හැකියි.

(Neth)