මහා මැතිවරණයෙන් පසුව පිහිටුවන කැබිනට් මණ්ඩලයේදී අධ්‍යාපන අමාත්‍යාංශයට වැඩි බලතල ලබාදීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය පුහුණු යන අමාත්‍යංශ තුන ඒකාබද්ධ කර අධ්‍යාපන අමාත්‍යංශය පිහිටුවනු ලබයි.
අධ්‍යාපන කටයුතු පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පසුගියදා පැවැති සාකච්ඡුාවකදී මෙම තීරණය ගෙන ඇත.
අධ්‍යාපන ක්ෂේත‍්‍රය නැංවීමට මෙම අමාත්‍යංශ තුන එක් කළ යුතු බවට එම බළකාය රජයට යෝජනා කර තිබේ.
(Lanka Leads)