Saturday, February 07, 2026
Follow Us
රාජ්‍ය සේවකයන්ට ලබාදුන් ණය සහනය අදින් අවසන්

රාජ්‍ය සේවකයන්ට ලබා දී තිබූ, ණය ගෙවීමේ සහන කාලය අදින් (27) අවසන් වේ. ඒ අනුව අද සිට රාජ්‍ය සේවක වැටුපෙන් ණය වාරික සහ පොළී අයකර ගැනීම සුපුරුදු පරිදි ක්‍රියාත්මක වේ.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පවසන්නේ සහන කාලසීමාව අවසන් කිරීමේ චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි.

කොවිඩ් වසංගතය හේතුවෙන් රාජ්‍ය සේවකයන්ට මෙම සහන කාලය ලබා දී තිබූ අතර ඊට අදාලව පසුගිය මාර්තු 26 වැනිදා සහ අප්‍රේල් 04 වැනිදා චක්‍රලේඛ දෙකක්ද නිකුත් කර තිබිණි.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ලේකම්වරයා විසින් නිකුත් කළ නව චක්‍රලේඛය හරහා මීට පෙර නිකුත් කළ චක්‍රලේඛ දෙක අහෝසි වන අතර රාජ්‍ය සේවකයන්ගේ මෙම මස වැටුපේ සිට අදාල ණය වාරික සහ පොළී අයකර ගැනීම් පෙර පරිදිම සිදුකෙරේ.

(LNW)