Saturday, February 07, 2026
Follow Us
‘‘ජී. එස්. පී. සහන දෙන්න ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කළ යුතුයි‘‘ – යුරෝපා සංගමයේ ඉල්ලීමට රජය පයින් ගහයි

ජී. එස්. පී. සහනය දීමට නම් ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කළ යුතු යැයි යුරෝපා සංගමය ශ‍්‍රී ලංකාවෙන් කළ ඉල්ලීම රජය ප‍්‍රතික්ෂේප කර ඇත.

යුරෝපා සංගමයේ අලූත්ම මානව හිමිකම් වාර්තාවෙන් මෙම ඉල්ලීම කර තිබේ.

එසේම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම, යුද අපරාධ චෝදනාවලට වගකිවයුතු පාර්ශ්වවලට එරෙහි සංක‍්‍රාන්ති යුක්තිය ඉටුකිරීම සහ ජිනීවා යෝජනාව ක‍්‍රියාත්මක කිරීම යන කරුණු ඉටුකළ යුතු බව යුරෝපා සංගමය දන්වා ඇත.

එහෙත් මේ ඉල්ලීම්වලට එකඟවිය නොහැකි බව රජය යුරෝපා සංගම් බලධාරීන්ට දන්වා තිබේ.

(Lanka Leads)