Saturday, February 07, 2026
Follow Us
MCC අත්සන් කිරීමට කිසිදු නීතිමය බලයක් නෑ - ජනපති ගෝඨාට භාර දුන් නව රජයේ වාර්තාවෙන් තහවුරු කරයි

MCC ගිවිසුම අත්සන් කිරීමට සහ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නීතිමය හැකියාවක් නොමැති බව නව රජය විසින් MCC ගිවිසුම විසින් අධ්‍යනය කිරීමට පත් කළ කමිටුවේ දැක්වෙනවා.

රජයේ ඉඩම් කොමසාරිස්වරයාගේ වාර්තා අනුව නිත්‍යානුකුලව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ නොහැකි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ එම කමිටු වාර්තාවේ දැක්වේ.

මෙහිදී හෙළිදරවු වූ තවත් ආන්දෝළනාත්මක හෙළිදරව්වක් වූයේ පසුගිය යහපාලන රජය විසින් මහජනතාවට හා පාර්ලිමේන්තුවට නොදන්වා මෙම ගිවිසුමේ අදියර දෙකක් අත්සන් කර ඇති බවයි.

ඒ සඳහා මෙම ගිවිසුම අත්සන් කළ යහපාලන රජයේ පිරිස් ලබාගෙන ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක්.

කෙසේවෙතත් මෙම මුදල් රජයේ ගිණුම් වලට එක්කර නැතිබවද මෙම විමර්ෂණයෙන් හෙළිව තිබේ.

(Neth)