Saturday, February 07, 2026
Follow Us
බදු ගැන කැබිනට් මණ්ඩලයෙන් තීරණයක්

කෝවිඞ්-19 වසංගත රෝග තත්ත්වය හේතුවෙන් රට වසා තිබූ කාල සීමාව තුළ සියලූ ආකාරයේ බදු සම්බන්ධයෙන් වූ දඩ මුදල් නිදහස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මුදල් අමාත්‍යවරයා ලෙස එම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත්තේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි.

ඒ සම්බන්ධයෙන් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (25) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කරුණු දැක්වූ සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ කියා සිටියේ බදු සඳහා සහන කාලයක් ප්‍රදානය කරන්නටත් තීරණය කර ඇති බවයි.

බදු පැහැර හැරීම සම්බන්ධයෙන් දඩ මුදල් නැවත අය කිරීම එළඹෙන ජූලි මාසයේ සිට කි‍්‍රයාත්මක කෙරෙන බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

(NEth)