Tuesday, July 01, 2025
Follow Us
රටවෙනුවෙන් කතා කරපු පිරිසක් තෝරා පාර්ලිමේන්තුවට එවන්න

මීළග පාර්ලිමේන්තුව සඳහා රටට වැඩක් කළ හැකි රට වෙනුවෙන් කතා කරන නියෝජිතයන් පත්කර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

කුරුණෑගල උඩුබද්දාව ගම්මානයේ පැවති ජනහමුවක් අමතමිනුයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මෙම අදහස් පළ කළේ. රටට වැඩක් කිරීමට බලාරොත්තු වන ජනතා නියෝජිතයන්ට වැඩ කරන රජයක මන්ත්‍රී ධුරයක් ලබා ගැනීමට ජනතාව සිය මතය ප්‍රකාශ කළ යුතු බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ගම්මාන මට්ටමින් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කර රටම වැඩ බිමක් කිරීම තම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය. විද්වතුන් තමා හමු වූ සෑම අවස්ථාවකදීම රටේ දැවෙන ප්‍රශ්න සම්බන්ධයෙන් අවධානය යොමු කළ බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය. පසුගිය වසර පහ තුළ සංවර්ධන ක්‍රියාදාමය ඇණහිටීම සම්බන්ධයෙන් කණස්සල්ල පළ කරන බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

(Lanka Leads)