Tuesday, July 01, 2025
Follow Us
ජනපති යෝජනා කළ නම් දෙක ගැන සාකච්ජා කරන්න ව්‍යවස්ථාදායක සභාව හෙට රැස්වේ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් එහි සභාපති හා අටවන පාර්ලිමේන්තුවේ හිටපු කථානායක ගරු කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (24) පස්වරු 06 ට කථානායක නිල නිවසේදී පැවැත්වේ.

එම රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සභාවේ සාමාජිකයන් සහභාගී වීමට නියමිත බව එහි ලේකම් හා පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක ප්‍රකාශ කර සිටියා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ පුරප්පාඩුව පවතින සාමාජිකයන් දෙදෙනා සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එවා ඇති නාමයෝජනා මෙහිදී සාකච්ඡාවට ලක් වීමට නියමිතය.

(Neth)