මෙවර මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්දය භාවිතා කිරීමට ඉල්ලුම් කර තිබූ 47,000 කට අධික අයදුම්කරුවන් පිරිසකගේ අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට සිදුව තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ අදාල අයදුම්පත් නියමිත පරිදි සම්පූර්ණ කර නොතිබීමයි.
මෙවර මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් 753,037 ක් ලැබී ඇති අතර ඉන් 47,952 ක් ප්‍රතික්ෂේප වී තිබේ.
පසුගිය ජනාධිපතිවරණයේදීද තැපැල් ඡන්ද අයදුම්පත් 717,918 න් 78,403 ක් ප්‍රතික්ෂේප කිරිරීමට සිදුව තිබිණි.
මෙවර මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සළකුණු කිරීම සඳහා ජුලි 14,15,16,17 වෙන්කර ඇති අතර එම දිනවලදී ඡන්දය භාවිතා කිරීමට අපහසු වන තැපැල් ඡන්දදායකයන් වෙනුවෙන් ජූලි 20,21 දින දෙක වෙන්කර තිබේ.
(LNW)