පොදු ප්‍රවාහන සේවාවලට අමතරව වාහන ලීසිං සහනය මෝටර් රථ ඇතුළු අනෙකුත් වාහනවලටද මාස 6ක කාලයක් ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බව, ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල්, ලීසිං සහ මූල්‍ය ආයතනවල ක්‍රියාකාරකම් පිළිබඳව සොයාබැලීමට පත්කරන ලද කමිටුවේ සභාපති හරිගුප්තා රෝහණධීර මහතා පවසයි.
පෞද්ගලික මගී ප්‍රවාහන බස්රථ, පාසල් වෑන් රථ, ත්‍රිරෝද රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවා වෙනුවෙන් භාවිත කරන රථවාහන සඳහා මාස 6කට ලීසිං සහන දැනට ලබාදෙන බව ඒ මහතා සඳහන් කරයි.
මෝටර් රථ ඇතුළු අනෙකුත් වාහන සඳහා ලිසිං සහනය මාස තුනකට ලබාදී තිබුණද එම වාහනවලටද මාස 6 ලීසිං සහනය ලබාදෙන ලෙසට ඉල්ලීම් ඉදිරිපත් වෙමින් පවතින බවද ඒ මහතා ප්‍රකාශ කරයි.
කොවිඩ් – 19 වයිරසය හේතුවෙන් සමාජය ක්‍රියාකාරී නොවූ නිසා එම මෝටර් රථ හිමියන්ටද ලැබුණු ආදායම අහිමි වී ගොස් ඇති බව ඔවුහු පෙන්වාදෙන බවද රෝහණධීර මහතා සඳහන් කරයි.
මෙම ඉල්ලීම් ගැන කමිටුව ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිත බවත්, එම කමිටුවට ලීසිං සහ මූල්‍ය ආයතනවල ගැටලු සම්බන්ධයෙන් ජනතාවට පැමිණිලි සහ අදහස් ඉදිරිපත් කිරීමේ අවස්ථාව පුළුල් ලෙස අද හෙටම ලබාදෙන බවත් ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.
(Lanka Leads)