Tuesday, July 01, 2025
Follow Us
සෞඛ්‍යාරක්ෂිත මැතිවරණයට මාර්ගෝපදේශ ගැසට්ටුව අද

සෞඛ්‍ය ආරක්ෂිතව මැතිවරණ පැවැත්වීම හා කොවිඩ්-19 වැළැක්වීම සඳහා වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය අද (22 වැනිදා) මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතය. මෙම ගැසට් නිවේදනය මෙතෙක් ප්‍රකාශයට පත් නොකිරීම පිළිබඳව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විරෝධය පළ කර තිබුණි.

සෞඛ්‍ය ආරක්ෂිතව මහ මැතිවරණය පැවැත්වීම සඳහා ලබා දුන් මාර්ගෝපදේශයද ගැසට් කරන ලෙස ජාතික මැතිවරණ කොමිසම සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

(Aruna)