Saturday, February 07, 2026
Follow Us
තනතුරෙන් ඉවත්වෙන්නත් එපා – අගමැති මහ බැංකු අධිපතිට කියයි

ආර්ථිකය ගොඩනැංවීමේ දී බාධා වන යල් පැන ගිය නීති රීති පිළිබඳව කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්ට දැනුම් දී ඇත.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියට අනුව ආර්ථිකය ගොඩනැංවීම සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන ලෙසද අගමැතිවරයා දැනුම් දී තිබේ. තවද තනතුරෙන් ඉල්ලා අස් නොවී සිය දැනුම ආර්ථිකය ගොඩනැංවීමට ලබා දෙන ලෙසද අග්‍රාමාත්‍යවරයා ඔහුගෙන් ඉල්ලා ඇත.

මහ බැංකු අධිපතිවරයා පසුගියදා අගමැතිවරයා හමු වූ අවස්ථාවේ දී මෙම දැනුම් දීම සිදු කර ඇත.

(Lanka Leads)