පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙන දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ වේලාව දීර්ඝ කිරීම සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුවී ඇත.
කොවිඩ්-19 වයිරස ව්‍යාප්තිය පාලනය කිරීම සදහා සෙෳඛ්‍ය අමාත්‍යාංශය විසින් මැතිවරණ කොමිෂන් සභාවට ලබාදුන් නිර්දේශ අනුව,පාර්ලිමේන්තු මහා මැතිවරණයේ කටයුතු සඳහා වැඩි වේලාවක් ගතවීම නිසා, ඡන්දය ප්‍රකාශ කිරීමේ වේලාව දීර්ඝ කිරීම සඳහා කොමිසමේ අවධානය යොමුවී තිබේ.
බොහෝ දුරට පෙරවරු 7.00 සිට පස්වරු 5.00 දක්වා ඡන්ද පැවැත්වීමට සිදුවෙතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ඡන්දය ගණන් කිරීමේ කටයුතු මැතිවරණය පැවැත්වෙන දිනට පසුදින සිදු කිරීමටද මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
(Aruna)