Tuesday, July 01, 2025
Follow Us
තැපෑලෙන් එවූ රුපියල් 5000 අතින්ම ජනපතිට භාරදෙයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතටම යැයි සඳහන් කරමින් රුපියල් 5000ක නෝට්ටුවක් ද සමඟින් පසුගිය දා අරලියගහ මන්දිරයට ලිපියක් යොමු කළ හිටපු ගම්සභා සභිකයකු වූ මැදිරිගිරියේ පදිංචි අසූහය වියැති එස්.බී හේවාහැට මහතා ( 20) පෙරවරුවේ තමන් අතින්ම එම මුදල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදුන්නේය.

පසුගිය දිනක අග්‍රාමාත්‍යතුමන් වෙත රුපියල් පන්දහසක් ද සමඟින් තැපෑලෙන් යොමු කර තිබූ එම ලිපිය කියවූ අග්‍රාමාත්‍යවරයා අසූ හයවියැති ජ්‍යෙෂ්ඨ පුරවැසියකු ලෙස තම සමාජ වගකීම නිසි ලෙස හඳුනාගත් හේවාහැට මහතාගේ පරිත්‍යාගශීලීත්වය අගය කළ යුතු බව ප්‍රකාශ කරමින් ඒ මහතා අතින්ම එම මුදල ජනාධිපතිතුමන් වෙත පිළිගැන්වීමට අවශ්‍ය කටයුතු සළසන ලෙස අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා වෙත උපදෙස් ලබාදුන්නේය.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපන්දිනය නිමිත්තෙන් මිරිසවැටිය පුදබිමේ ( 20) පැවැති දානමය පිංකම අවස්ථාවේ දී කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ සුරක්ෂණ අරමුදලට බැර කිරීම සඳහා හේවාහැට මහතා විසින් පරිත්‍යාග කරන ලද එම මුදල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දී ජනාධිපතිතුමන් වෙත භාරදීමට ඒ මහතා වෙත අවස්ථාව සළසාදෙනු ලැබිණි.

එම අවස්ථාවට හේවාහැට මහතාගේ පවුලේ සාමාජිකයින් ද සහභාගී වූහ.

(news.lk)