Tuesday, July 01, 2025
Follow Us
ඡන්ද ගණන් කිරීම ගැන මැතිවරණ කොමිසමෙන් අලූත් තීරණයක්

මහ මැතිවරණය පැවැත්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය හෙට (22) නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ නෙත් නිවුස් වෙත පැවසුවේ එම ගැසට් නිවේදනය බොහෝවිට හෙට මධ්‍යම රාතී‍්‍රයේදී නිකුත් කෙරෙනු ඇති බවයි.

මේ අතර ලබන අගෝස්තු මස 05 වැනිදා පැවැත්විමට නියමිත මහ මැතිවරණයේ ඡන්ද විමසීමෙන් පසු එදින රාති‍්‍රයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුනොකරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය අද (21) ප‍්‍රකාශ කළා. ඒ, මහ මැතිවරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට මහනුවරදී ප‍්‍රතිචාර දක්වමින්.

(Neth)