මහ මැතිවරණයට අදාළ පෝස්ටර්,කටවුට් සහ අංක ප්‍රදර්ශනය කිරීම වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකියාව ඇති වරදක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
මැතිවරණ නීති අනුව ජන්ද කාර්යාලවල පක්ෂය හා ලකුණ ප්‍රදර්ශනයට අවසරය දී තිබුණද අපේක්ෂකයාගේ රුව සහ අංකය ප්‍රදර්ශනය කිරීමට අවසර නැති බවයි දේශප්‍රිය මහතා සඳහන් කරන්නේ.
ජන්ද කාර්යාලවල කටවුට් ප්‍රදර්ශනය කිරීමට ඉඩ නොදීම මැතිවරණ කොමිසමට දීර්ඝකාලීනව පැවති ප්‍රශ්නයක් බවද ඔහු කියා සිටියි.
කෙසේවෙතත් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන්නේ නම් පොලීසිය ඊට එරෙහිව නඩු පවරනු ඇති බවයි හෙතෙම සඳහන් කරන්නේ.
මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීම සහ ජන්ද විමසීම් නීති බලාත්මක කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ජාවකින් අනතුරුව මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියා.
එමෙන්ම මේ දිනවල පෙරහුරු මැතිවරණ පැවැත්වෙන අතර ඊයේ (20) දිනයේදී කොළඹ දිස්ත්‍රික්කයට අදාළව මට්ටක්කුලිය ශ්‍රී වික්‍රමසිංහපුර ප්‍රජා ශාලාවේදී සහ දෙමටගොඩ සාම විහාරයේදී එම පෙරහුරු මැතිවරණ පැවැත්විය.
පවතින තත්ත්වය අනුව ජන්දය ප්‍රකාශ කිරීමට ඇති කාලය පස්වරු 05.00 දක්වා දීර්ඝ කිරීමටද මැතිවරණ කොමිසම තීරණයක් ගැනීමට හැකි බවද මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේය.
(LNW)