ලිපින අපැහැදිලි වීම නිසා බෙදා හැරීමට නොහැකිව මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩ ගැසී තිබෙන පාර්සල්වල තොරතුරු ලබා දීමට මැලේසියාව එකඟතාව පළකර තිබේ.
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මැලේසියානු තැපැල් ආයතනය හරහා ප්‍රමාද වී මෙරටට ලැබුණු පාර්සල් වල ලිපින අපැහැදිලි වීම නිසා බෙදා හැරීම ඇන හිට තිබුණි.
වෙබ් අඩවි හරහා ඇනවුම් කර තිබූ භාණ්ඩ අතුරින් නෞකා මගින් මෙරටට ඒවා තිබුණු පාර්සල් 45,000ක් අතුරින් 40,000ක පමණ ලිපින මැකී ගොස් ඇති බවයි තැපැල් දෙපාර්තමේන්තුව පැවසුවේ.
කෙසේවෙතත් අදාළ පාරිභෝගිකයන්ට අසාධාරණයක් විමටා ඉඩ නොතබන අතර එම පාර්සල්වල තිබෙන බාර්කෝඩ්වලට අනුව ලිපින ලබා ගැනීම සඳහා කටයුතු කරන බවද තැපැල් දෙපාර්තමේන්තුව පවසා තිබුණි.
ඒ අනුව එම ලිපින ලබා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
(LNW)