Tuesday, July 01, 2025
Follow Us
සහන කාලයතුල වාහන ඉස්සුවොත් නඩු…

රජයෙන් ලබාදුන් මාස 6 ක සහන කාලය අවසන් වනතෙක් කිසිඳු හේතුවක් මත ලීසිං පහසුකම ලබාදෙන මූල්‍ය ආයතනවලට වාහන නැවතත් අත්පත් කරගත නොහැකි බව පොලීසිය අවධාරණය කරයි.

අපරාධ සහ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා මූල්‍ය සමාගම් නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අමතමින් මේ බව සඳහන් කළේය.

බස්නාහිර පළාතේ ලීසිං පහසුකම ලබාදෙන මූල්‍ය සමාගම් නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී (19) පැවැත්වුණි.

ඒ, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහිදී අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේ අදාළ නීති කඩකරන මූල්‍ය ආයතනවලට එරෙහිව පොලිස් ආඥා පණත යටතේ නඩු පවරන බවයි.


(Lanka LEads)