කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මැලේසියානු තැපැල් ආයතනය හරහා ප්‍රමාද වී මෙරටට ලැබුණු පාර්සල් වල ලිපින අපැහැදිලි වීම නිසා බෙදාහැරීම ඇන හිට තිබෙන පාර්සල් හිමි පාරිභෝගිකයන් වෙත කිසිදු අසාධාරණයක් වීමට ඉඩ නොතබන බව තැපැල් දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර තැපැල් සේවා අංශයේ අධිකාරී ඉදුනිල් කහවල මහතා පවසයි
අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේ.
වෙබ් අඩවියකින් ඇනවුම් කළ දෙයක් නොලැබුණහොත් නැවත ගෙවීමේ ප්‍රතිපත්තියක් ඇති අතර ඒ අනුව කටයුතු කරන බවයි කහවල මහතා පැවසුවේ.
මේ අතර එම පාර්සල්වල තිබෙන බාර්කෝඩ් වලට අනුව ලිපින ලබා ගැනීම සඳහා කටයුතු කරන බවද ඔහු කියා සිටියේය.
අන්තර්ජාලය හරහා ඇණවුම් කර තිබූ පාර්සල් තොගයකුයි මෙලෙස බෙදාහැරීමට නොහැකිව මධ්‍යම හුවමාරුවේ රඳවා තිබෙන්නේ.
එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන ඇතැම් කරුණු සම්බන්ධයෙන් ඉතාම කණගාටුවට පත්වන බව එම මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ නියෝජ්‍ය තැපැල්පති තුසිත හුලංගමුව මහතා ප්‍රකාශ කළේය.
(LNW)