Saturday, February 07, 2026
Follow Us
මහා මැතිවරණයටත් කාඩ් බෝඩ් ඡන්ද පෙට්ටි

ඉකුත් ජනාධිපතිවරණයේ දී මෙන් මෙවර මැතිවරණය සඳහා ද කාඩ් බෝඩ් ඡන්ද පෙට්ටි ප්‍රමාණ කිහිපයකින් යොදා ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දී ඇති කොවිඩ් 19 සෞඛ්‍ය නිර්දේශ අනුව සෑම ඡන්ද පෙට්ටියක්ම පැයකට වරක් විෂබීජහරණයට ලක් කළ යුතුය.

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා යොදා ගන්නා ඡන්ද පෙට්ටි සංඛ්‍යාව තීරණය කෙරෙන්නේ ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව අනුව බවද මැතිවරණ කොමිෂන් සභාව පැවැසීය.

(Aeuna)