Tuesday, July 01, 2025
Follow Us
උසස් පෙළ විභාගය යළි කල්යන ලකුණු

අ.පො.ස උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනය පාසල් යළි ඇරඹීමෙන් අනතුරුව තීරණය කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

උසස් පෙළ විභාගය සති කිහිපයකට කල්දමන ලෙසට සිසුදරුවන් විසින් කළ ඉල්ලීමක් කර ඇති අතර, ඒ වන විටත් අධ්‍යාපන අමාත්‍යංශය සහ විභාග දෙපාර්තමේන්තුව විභාගය පවත්වන දිනය පිළිබදව තීරණය කර තිබූ බව අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා මාතර ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් මේ බව සදහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදාළ සිසු දරුවන්ගේ දෙසින් බලන ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන්ට සහ විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

(Aruna)