Saturday, February 07, 2026
Follow Us
අඩුආදායම්ලාභී පවුල් සඳහා සූර්ය බල විදුලි උත්පාදක කට්ටල නොමිලයේ

දිවයිනේ සියලූම අඩු ආදායම්ලාභී පවුල් වෙසෙන නිවාස සඳහා සූර්ය බල විදුලි උත්පාදක කට්ටල නොමිලේ ලබා දීමේ වැඩපිළිවෙල කඩිනමින් ආරම්භ කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමාට උපදෙස් දුන් බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒ අනුව දැනට විදුලි පහසුකම් නොමැතිව සිටින සමස්ත නිවාස 12,500 ට කඩිනමින් සූර්ය බල විදුලි උත්පාදක කට්ටල ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි අමාත්‍යවරයා ලංකා විදුලි බල මණ්ඩලයට උපදෙස් ලබා දී ඇත්තේ.

ඉන්දියානු සහන ණය වැඩපිළිවෙල මගින් එම වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කිරීමට නියමිතයි. ඒ යටතේ මාසික ගාස්තුවක් ගෙවීමෙන් තොරව විදුලිය ලබා ගැනීමට අඩු ආදායම්ලාභී පවුල්වලට අවස්ථාව හිමිවනවා.

(Neth)