Saturday, February 07, 2026
Follow Us
ත්‍රිපෝෂ හදන්න යොදය සහිත කිරිපිටි මෙට්‍රික් ටොන් 720ක් දේශීය නිෂ්පාදකයන්ගෙන් මිලට ගනී

ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සම්පූර්ණ යොදය සහිත කිරිපිටි මෙට්‍රික් ටොන් 720ක් දේශීය නිෂ්පාදිතකයන්ගෙන් තරගකාරී මිල ගණන් යටතේ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

ලංකා ත්‍රිපෝෂ සමාගම ඉකුත් වසර පහක් තිස්සේ මිල්කෝ සමාගමත් කිරිපිටි මිලදී ගත්තත් ඔවුන් මෙවර ඉදිරිපත් කළ මිල ගණන් වැඩිවීම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ.

මිල්කෝ සමාගම කිරිපිටි කිලෝවක් රුපියල් 800ක මිලට මීට පෙර ලබාදුන්න ද මෙවර රුපියල් 920ක මිලක් ඉදිරිපත් කර ඇති නිසා මෙලෙස යළි මිල ගණන් කැඳවීමට තීරණය කර ඇතැයි අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.

(Lanka Leads)