ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මුදල් උපයන ව්‍යාපාරයක් නොව අනාගත ආයෝජනයන් වෙනුවෙන් සේවාවක් කරන ආයතනයක් ලෙස සලකන්න. එසේ සලකා එම සේවකයන්ට මාසික වේතනය සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වන රුපියල් මිලියන 1250 සෑම මාසයකම කප්පාදුවකින් තොරව ලබා දීමට මැදිහත් වන්නැයි සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිටී.
පැවැති සෑම ආණ්ඩුවක්ම ලංගමය ශක්තිමත් කරනවා වෙනුවට පෞද්ගලික බස් රථ ව්‍යාපාරය ශක්තිමත් කිරීමට කටයුතු කළ බව පවසන එම සංගමය 1958 ශ්‍රී ලංගමය ස්ථාපිත කිරීමෙන් පසු 1977 දක්වා මහා භාණ්ඩගාරයෙන් යැපෙන්නට අවශ්‍ය නොවූ බව ද කියා සිටී. මෙම සංගමය පෙන්වා දෙන පරිදි 1977 ශ්‍රී ලංගම සේවකයන් 72,000ක් සිටි අතර දැනට 30,000 දක්වා අඩු වී ඇත. තවද 1977 බස් රථ 9200ක් තිබූ ශ්‍රී ලංගමය මේ මොහොත වන විට බස් රථ 6000 දක්වා අඩු වී ඇත.
අධ්‍යාපන, සෞඛ්‍ය, තැපෑල, දුම්රිය හා සමානවම ශ්‍රී ලංගමය ද සේවාවක් කරන ආයතනයක් ලෙස පිළිගෙන ලංගමයේ ආදායම වැඩිකර ශක්තිමත් කිරීම සඳහා මෙම සංගමය විශේෂිත යෝජනා මාලාවක් ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කොට ඇත.
(Aruna)