Tuesday, July 01, 2025
Follow Us
තේ අපනයනය කිරීමේදී අය කළ සෙස් බද්ද අත්හිටුවයි

තේ අපනයනය කිරීමේදී අය කරන සෙස් බද්ද මාස 06 කට අත්හිටුවීමට, ඊයේ (17) පැවති කැබනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා.

ඒ, පවත්නා ආර්ථික තත්ත්වයන් යටතේ තේ අපනයනය දිරිමත් කිරීම සඳහායි. තේ අපනයනයේදී තේ කිලෝවක් සඳහා රුපියල් 03.50 ක සෙස් බද්දක් මේ දක්වා අය කෙරුණා.

මේ අතර, ලෝක බැංකුව මගින් මෙරට කි‍්‍රයාත්මක කරන ව්‍යාපෘතිවල අවිනිශ්චිත වියදම් ලෙස වෙන් කර තිබුණු ඩොලර් මිලියන 56 ක මුදලක් කෝවිඞ් 19 වසංගත තත්ත්වය වැළැක්වීමේ කටයුතු සඳහා යෙදවීමට ද ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා.

(Aruna)