Tuesday, July 01, 2025
Follow Us
ගුරු පත්වීම් 156ක් දීමට මැතිවරණ කොමිසමේ අනුමැතිය පතයි

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පුහුණුව අවසන් කර සිටින ගුරුවරුන් එකසිය පනස් දෙනකුට පත්වීම් ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මැතිවරණ කොමිෂන් සභාවෙන් අනුමැතිය ඉල්ලා ඇත.

අනුමැතිය ලැබුණු වහාම පත්වීම් ලබාදෙන බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවැසීය.

පළමු කණ්ඩායම පසුගිය වසරේ පත්වීම් ලැබූ හෙයින් මෙම පිරිසට පත්වීම් ලබාදීමේදී මැතිවරණ ගැටලුවක් නොමැති බවත් හෙතෙම කීවේය.

දෙවැනි වරට විභාගය සඳහා පෙනී සිට සමත්ව සිටින මෙම ගුරුවරුන්ට පසුගිය වසරේදී පත්වීම් හිමිවිය යුතු වුවත් ජාතික අධ්‍යාපන ආයතනයේ ඇතිවූ ප්‍රමාදය මත පත්වීම් ප්‍රමාද වී ඇත.

(Aruna)