Tuesday, July 01, 2025
Follow Us
මහබැංකුව ඇස් අරියි: පාතාල ලීසිං මාෆියාවට වැට බඳින්න සූදානම්

ලීසිං පාතාලය මැඩපැවැත්වීම සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වීමට මහබැංකුව තීරණය කර තිබේ.

ඒ අනුව නීතිවිරෝධි ලෙස සහ බලපත්‍ර රහිතව ක්‍රියාත්මක වන ලීසිං සමාගම් 500කට අධික ප්‍රමාණයකට එරෙහිව පියවර ගැනීම සදහා විශේෂ කමිටුවක් අද (16) දිනයේ පත් කිරීමට මහබැංකු අධිපතිවරයා තීරණය කර ඇත.

අනතුරුව මෙම කමිටුව විසින් අදාළ නීතිවිරෝධී ලීසිං සමාගම් සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබද දැනුවත් කරමින් වාර්තාවක් මහබැංකු අධිපතිවරයා වෙත ලබා දීමට නියමිත බවද දැනගන්නට ඇත.

පසුගිය සතියේ ලීසිං ආයතනයක සීසර්වරුන් පිරිසක් විසින් ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීමට පියවර ගැනීමෙන් පසු මහබැංකුව මෙම පියවර ගෙන තිබේ.

(Lanka LEads)