Saturday, February 07, 2026
Follow Us
ගුවන්තොටුපළ පිටත්වීමේ පර්යන්තය බාහිර පුද්ගලයින්ට විවෘත වේ

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිටත්වීමේ පර්යන්තය අද (15) දහවල් 12.00 සිට ගුවන් මගීන් සමග පැමිණෙන පුද්ගලයන් සඳහා විවෘත කර තිබේ.

කටුනායක ගුවන්තොටුපළ ඔස්සේ පිටත්වීම සඳහා ගුවන් ප්‍රවේශ පත්‍රයක් රැගෙන එන එක් ගුවන් මගියෙකුට, අමුත්තන් තිදෙනකු සමග පිටත්වීමේ පර්යන්තයට ඇතුළු විය හැකි බව ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති, විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.

සියලු අමුත්තන් මුඛ ආවරණ පැළද සිටීම අනිවාර්ය වන අතර, අනෙකුත් සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ද අනුගමනය කරමින් පිටත්වීමේ පර්යන්තය වෙත ඔවුන්ට ඇතුළුවීමට අවසර දෙනු ලැබේ.

බාහිර අමුත්තන් ගුවන්තොටුපළ පිටත්වීමේ පර්යන්තයට ඇතුළු වීමට රුපියල් 300 ක ප්‍රවේශ පත්‍රයක් මිලදී ගත යුතුය.

(Aruna)