Tuesday, July 01, 2025
Follow Us
සාමාන්‍ය පෙළ අසමත් අයටත් උසස් පෙළට අයැදුම්පත් කැඳවයි

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයැදුම්පත් කැඳවන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙම වසරේ සිට දිවයිනේ සියලු පළාත් හා සියලුම අධ්‍යාපන කලාප ආවරණය වන පරිදි පාසල් 423ක ක්‍රියාත්මක කෙරෙන මෙම වෘත්තීය විෂය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනීමේදී සාමාන්‍ය පෙළ විභාගයේ සමත්, අසමත් භාවය නොසලකන බවත් අධ්‍යයන පහසුව සඳහා තමන්ට සුදුසු පාසලක් තෝරා ගැනීමට සිසුන්ට අවස්ථාව හිමි වන බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.

12 ශ්‍රේණියේ දී පොදු විෂයමාලාවක් ක්‍රියාත්මක වන අතර, 13 ශ්‍රේණියේ දී පහත දක්වා ඇති වෘත්තීය විෂයයන් විසිහයෙන් එකක් තෝරා ගත යුතුය. පාඨමාලාව අවසන් කිරීමෙන් පසු NVQ (ජාතික වෘත්තීය සුදුසුකම්) 04 වැනි මට්ටමේ සහතිකයක් හිමි වෙයි.

ළමා මනෝවිද්‍යාව හා ආරක්ෂණය, සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණය, ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා සහ ප්‍රාසාංගික කලාව, කාර්ය සිද්ධි කළමනාකරණය, ශිල්ප කලා, අභ්‍යන්තර ග්‍රැෆික් නිර්මානකරණය, සංචරණය හා ආගන්තුක සත්කාර, භූ දර්ශන නිර්මානකරණය, ව්‍යවහාරික උද්‍යාන විද්‍යා තාක්ෂණ අධ්‍යයනය, පශු සම්පත් නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය, ආහාර නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය, ජලජ සම්පත් තාක්ෂණ අධ්‍යයනය, වැවිලි බෝග නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය, ඉදිකිරීම් තාක්ෂණ අධ්‍යයනය, මෝටර් යාන්ත්‍රික තාක්ෂණ අධ්‍යයනයද, විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණ අධ්‍යයනය, පේෂකර්ම හා ඇඟලුම් තාක්ෂණ අධ්‍යයනය, ලෝහ සැකසුම් තාක්ෂණ අධ්‍යයනය, ඇලුමිනියම් පිරිසැකසුම් තාක්ෂණ අධ්‍යයනය, කලාව හා පිරිසැකසුම්කරණය, පාරිසරික අධ්‍යයනය, පරිගණක හා දෘඩාංග හා ජාලකරණය හා නිපැයුම්කරණය යන විෂයයන් ඊට අයත්ය.

මෙම විෂය ධාරාව සඳහා අයැදුම්පත් භාරගැනීමේ අවසාන දිනය 2020 ජූලි 03 වැනිදාය. සතියේ දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා 0112787136 සහ 0112786746 දුරකථන ඇමතීමෙන් හෝ https://www.moe.gov.lk යන අධ්‍යාපන අමාත්‍යාංශ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.

(Aruna)