Tuesday, July 01, 2025
Follow Us
මෙවර මැතිවරණයට රාජ්‍ය සේවකයන් ලක්ෂ තුනක්

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට රජයේ සේවකයන් ලක්ෂ තුනක් යොදා ගැනීමට සිදුවෙතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

මෙම මැතිවරණයේදී යොදා ගන්නා රාජ්‍ය සේවක පිරිස ඉහළ යන්නේ වෙනදාට මැතිවරණ රාජකාරියේ යොදා නොගන්නා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩි පිරිසක් මෙවර ඒ සඳහා කැඳවා ඇති බැවිණි. මැතිවරණ රාජකාරි කටයුතුවල නිරතවන නිලධාරීන්ගේ අමතර දීමනා සඳහා වැඩි මුදලක් වැයවන බැවින් මෙවර මැතිවරණයට රුපියල් කෝටි අටසිය පනහක මුදලක් වැය වෙතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මීට​ පෙර මැතිවරණවලදී මැතිවරණ රාජකාරි කටයුතුවල යොදාගන්නේ නිලධාරීන් දෙලක්ෂ පනස් දහසක් වැනි පිරිසක් බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

(Aruna)