Saturday, February 07, 2026
Follow Us
තැපෑලෙන් ඖෂධ බෙදීම අදින් අවසන්

රට වසා දමා තිබූ සමයේ තැපැල් දෙපාර්තමේන්තුව ආරම්භ කළ රෝහල්වලින් නිකුත් කරන වට්ටෝරුවලට අනුව රෝගීන්ට ඖෂධ බෙදාහැරීමේ වැඩපිළිවෙළ අද (15 වැනිදා) සිට නතර කෙරේ.

මේ වන විට රෝහල්වල සායනික කටයුතු සාමාන්‍ය පරිදි පැවැත්වෙන හෙයින් මෙම වැඩපිළිවෙළ නතර කළ බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. ඉකුත් මාර්තු මාසයේ සිට මේ දක්වා බෙහෙත් වට්ටෝරු පන්ලක්ෂයක පමණ ප්‍රමාණයක් බෙදාහැර තිබේ. තැපැල් දෙපාර්තමේන්තුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කළේ නොමිලේය.

(Aruna)