Tuesday, July 01, 2025
Follow Us
ජාතික හැඳුනුම්පත් නිකුත් කිරිමේ එක්දින සේවය යළි ඇරඹේ

පුද්ගලයන් සඳහා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරිමේ එක්දින සේවාව සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේදයට යටත්ව ලබන 22 වෙනිදා සිට යළි ආරම්භ කිරිමට පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන 22 වෙනිදා සිට අදියර කිහිපයක් යටතේ එම සේවාව යළි ආරම්භ කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරිමේ එක්දින සේවාව තාවකාලිකව අත්හිටුවීමට පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව මීට පෙර තීරණය කළා.

(Neth)