Saturday, February 07, 2026
Follow Us
අපේක්ෂකයෙකු ඉල්ලා අස්වූවත්, නාමයෝජනා ලැයිස්තුවෙන් නම ඉවත් නොවන බව කොමිසම කියයි

නාමයෝජනා ලබා දී ඇති අපේක්ෂකයෙකු ඉල්ලා අස්වුවද, නාමයෝජනා ලැයිස්තුවෙන් ඔහුගේ නම ඉවත් නොවන බව මැතිවරණ කොමිසම පවසයි.

ඒ අනුව මැතිවරණයෙන් පසු ලැබෙන ප්‍රතිඵල ලේඛණයේද ඉල්ලා අස් වූ බව කියන අපේක්ෂකයාගේ නම සහ ඔහුට ලැබුණු ප්‍රතිඵල නියමිත පදිරි සටහන් වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

(Lanka Leads)