Tuesday, July 01, 2025
Follow Us
උද්ඝෝෂකයන්ට පහර දෙන්න එපා – ජනපතිගෙන් උපදෙස්

පොලිසිය, කැරැලි මර්දන අංශ හෝ හමුදාව විසින් කිසිම උද්ඝෝෂකයකුට මින් මතු පහර නොදිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇමැති මණ්ඩලය හමුවේ අවධාරණය කර ඇත.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් පැවැත් වූ උද්ඝෝෂණයේ දී පොලිසිය ක්‍රියා කළ ආකාරය සහ ඇති වූ තත්ත්වය පිළිබඳ පෙරේදා (10දා) පැවැති කැබිනට් රැස්වීමේ දී ජනාධිපතිවරයා දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවද සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන පැවැසුවේය.

විරෝධතාකරුවන් ඉවත් කිරීමට පොලිසිය ගත් උත්සාහයේ දී ප්‍රථමයෙන් පහර දෙන්නේ එහි සංවිධායකයන් බව වීඩියෝ දර්ශනවලින් පැහැදිලි වන බව දැනුම් දුන් බවද ඊට ප්‍රතික්‍රියා දක්වමින් පොලිසිය පහර දී ඇතැයි ද ඇමැති බන්දුල ගුණවර්ධන පැවැසීය.

කෙසේ වෙතත් පොලිසිය විසින් සිදු කළ පහර දීම ජනාධිපතිවරයා හෝ ඇමැති මණ්ඩලය අනුමත නොකරන බවද විකල්ප ක්‍රම මගින් උද්ඝෝෂකයින් පිටත් කළ යුතුය යන ස්ථාවරයේ ජනාධිපතිවරයා සිටින බවද හෙතෙම කීවේය.

(Lanka Leads)