මාස තුනක කාලයක් සඳහා සතියේ දින පහක් පමණක් තැපැල් සේවය ක්‍රියාත්මක කිරීමට ද එම දින වෙනුවෙන් පමණක් අතිකාල ගෙවීමට ද තීරණය කළ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඇමැති බන්දුල ගුණවර්ධන ඊයේ (11වැනිදා) පැවැසුවේය.
රට යථා තත්ත්වයට පත් වනතුරු සෙනසුරාදාවන්හි වැඩ නොකිරීමට තීරණයක් ගෙන තිබෙන්නේ මාස තුනක කාලයක් සඳහා පමණක් බවද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා කීවේය.
තැපෑලෙන් රජයට ආදායම නොලැබෙන නිසා සුපුරුදු පරිදි වියදම් දැරීම අපහසු වී ඇතැයි කී ඇමැතිවරයා වෘත්තීය සමිති ඉල්ලා සිටින පරිදි සෙනසුරාදා දිනයේ වැඩ කිරීම සහ අතිකාල ගෙවීම යන දෙකම කළ නොහැකි බව පැවැසුවේය.
සෙනසුරාදා දිනයට පමණක් අතිකාල ගෙවීම් ද සමගින් තැපැල් සේවයට රුපියල් මිලියන 21ක මුදලක් වැය වන බවද ඇමැති බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය.
(Aruna)