Saturday, February 07, 2026
Follow Us
විශ්ව විද්‍යාල ඇරඹෙන දිනය ගැනත් තීරණයක්

විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් අද පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. ඒ, විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ සියලූ විශ්ව විද්‍යාලවල උප කුලපතිවරුන්ගේ සහභාගීත්වයෙන්.

පාසැල් අදියර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට මේවනවිට රජය තීරණය කර ඇති බැවින් විශ්ව විද්‍යාල ද ආරම්භ කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති.

විශ්ව විද්‍යාල ආරම්භ කිරීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් ද සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මේවනවිට විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව වෙත නිකුත් කර තිබෙනවා.

(Neth)