Tuesday, July 01, 2025
Follow Us
තැපැල් ඡන්දය දින 4කදී – දින 4 මෙන්න

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම දින හතරකදී පවත්වන බව ජාතික මැතිවරණ කොමිසම පවසයි.

මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ජූලි 13, 14, 15 සහ 16 යන දිනවල තැපැල් ඡන්ද විමසීම සිදු කරන බවය.

ඊට අදාළ ඡන්දය සළකුණු කිරීමේ ක්‍රමවේදය සහ එහිදී පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් මාලාව ඉදිරියේදී නිකුත් කරන බව ද ඔහු පැවසුවේ ය.

මෙවර මහ මැතිවරණය අගෝස්තු 5 වැනි දා පැවැත්වෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව ඊයේ නිවේදනය කළේ ය.

(Lanka Leads)