Saturday, February 07, 2026
Follow Us
පසුගිය රජයෙන් ලබා දුන් නිල ඇඳුම් වවුචරය අත්හිටුවේ - නිළ ඇඳුම් රෙදි නැවතත් සිසුන්ට පාසලේදීම ලබා දීමට නව රජයෙන් තීරණයක්

පාසැල් සිසුන් සඳහා ලබාදෙන නිල ඇඳුම් වවුචර් පත, අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදීයි. ඒ අනුව ඉදිරියේදී නිල ඇඳුම් වවුචර් පත වෙනුවට යළිත් පාසල් නිල ඇඳුම් සඳහා රෙදි ලබාදීමටයි කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ.

මෙම නිල ඇඳුම් රෙදි දේශීය කර්මාන්තකරුවන්ගෙන් පමණක් ලබා ගැනීමට රජය තීරණය කර තිබෙනවා.

(Neth)