මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර ප‍්‍රධාන කාර්යාලයේ සහ ගම්පහ දිස්ති‍්‍රක් කාර්යාලයේ රියදුරු බලපත‍්‍ර නිකුත් කිරීම ඇතුළු සෙසු සේවාවන් වේගවත් කිරීමට සැලසුමක් සකස් කරන්නැයි එම දෙපාර්තමේන්තුව සියලූ දිස්ති‍්‍රක් භාර නිලධාරීන්ට දන්වා තිබෙනවා.
වේරහැර සහ ගම්පහ කාර්යාලවල රියදුරු බලපත‍්‍ර සඳහා ඉල්ලූම වැඩිවීමෙන් ගැටලූ රැසක් මතුව ඇති බවයි මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් නෙත් නිවුස් වෙත පැවසුවේ.
එම කටයුතු වේගවත් කිරීම සඳහා සෙනසුරාදා සහ ඉරිදා දිනවල හෝ අතිරේක කාලයක් රාජකාරී සිදුකරන ලෙස සිය නිලධාරීන්ට දැනුම් දුන් බව ද ඔහු සඳහන් කළා.
කොරෝනා වසංගතය හේතුවෙන් මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව තවදුරටත් සීමා සහිතව පමණක් සේවා සපයන බවයි කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර අත්‍යවශ්‍ය කරුණක් සදහා පමණක් විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස එම දෙපාර්තමේන්තුව විශ‍්‍රාම වැටුප් ලබන වැඩිහිටියන්ගෙන් ඉල්ලීමක් කරනවා. විශ‍්‍රාම වැටුප් සේවාවවන් ලබාගැනීම සදහා දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් පැමිණෙන විශ‍්‍රාමිකයින්, දෙපාර්තමේන්තුව වෙත පැමිණිමට පෙර ඔන්ලයින් ක‍්‍රමය ඔස්සේ දිනයක් හා වේලාවක් වෙන්කරවා ගත යුතු බවයි විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
ඒ සදහා මේ වන විට එම දෙපාර්තමේන්තුව නව පද්ධතියක් ද නිර්මාණය කර ඇති බව විශ‍්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.
විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණිමට අවශ්‍ය විශ‍්‍රාමිකයින් හට දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වෙත පිවිස, අදාළ තොරතුරු එම පද්ධතිය වෙත ඇතුළත් කර නියමිත දිනයක් හා වේලාවක් වෙන්කර ගත හැකියි. සියලූම විශ‍්‍රාමිකයින්ගේ හා සේවාලාභීන්ගේ පහසුව උදෙසා ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලය හරහා විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සේවාවන් පිළිබද තොරතුරු ලබාගැනීමේ හැකියාව ද පවතිනවා.
1970 විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ක්‍ෂණික දුරකතන අංකය අමතා ඒ පිළිබද තොරතුරු විමසිය හැකියි.
(Neth)